Sunday, August 22, 2010

ගූගල් සමර් ඔෆ් කෝඩ් -2010 ඉවරායී....


අගෝස්තු 20 වෙනිදා "ගූගල් සමර් ඔෆ් කෝඩ් -2010" වැඩ නිල වශයෙන් අවසන් කලා :),එ අවසන් ප්‍රතිඵල නිකුත් වීමත් සමගයි. ගූගල් නිල වශයෙන් ප්‍රතිඵල 23 වෙනිදා දැනුම් දීමට නියමිතයි. මගේ ප‍්රජෙක්ට් එක වූනේ Apache Derby වලට අලුත් ටූල් එකක් හදන්නයි. Derby කියන්නේ සරලව කිව්වොත් දත්ත ගබඩා කරන්න සහ අවශ්ය දත්ත ලබාගන්න උදව්වෙන FOSS software එකක්, ඉන්ග්‍රිසියෙන් කිව්වොත් Relational Database Management System (RDBMS) එකක්.

මගේ ටූල් එක ගැන කිව්වොත් එය Derby යූසර්ස්ලට තමා execute කරපු query එකක් execute වෙන අවස්ථාවෙදී Derby අනුගමනය කරපු පියවරවල් tree අකෘතියක් ලෙස බලා ගන්න හැකියාව සලසනවා. Tree අකෘතියේ තියෙන හැම node එකක් ගැනම තෝරා ගත් විස්තර සමූහයක් අන්තර්ගතයි. මෙමගින් Derby යූසර්ස්ලට තමා execute කරපු query එකේ performance බලාගන්න පුලුවන් වීම නිසා, performance අඩුයි වගේ පෙනෙනවානම් එ query එක වෙන විදියකට ලියන්න උනන්දු කරවනවා. මෙම අලුත් ටූල් එක Derby මීළග release එකට එ කියන්නේ 10.7 වලට අන්තර්ගත කරන්න ඉන්නෙ. ටූල් එකේ එක interface එකක් මෙතනින් බලන්න පූලූවන්.

මගේ ප‍්රජෙක්ට් මෙන්ට වුනේ Bryan Pendleton. Bryan ගෙ උදවූ මට ගොඩාක් උපකාරී වුනා ප‍්රජෙක්ට් එක වෙලාවටත් ඉස්සෙල්ලා ඉවර කරන්න, මට කියන්න බරිවුනානේ ප‍්රජෙක්ට් එක මම වෙලාවටත් ඉස්සෙල්ලා ඉවර කලා (අගෝස්තු 4) (මෙන්ට බලාපොරොත්තු වුන විදියට), ඊට පස්සෙ community එකෙන් පොඩි පොඩි අදහස් මතු වුනා. එ අදහස් වලට ගරැ කරමින් මට අගෝස්තු 16 ට ඉස්සෙල්ලා කල හැකි දේවල් මම කලා, community එක එකග වුනා අනිත් අදහස් ඉදිරියේදී කරන්න, තව සාකච්චා වලින් පස්සෙ. මෙහෙම තමා FOSS ප‍්රජෙක්ට් එකක් ඉදිරියටම යන්නේ.:)

Community එකේ හැමෝම මට ගොඩාක් උදවු කලා Derby එක්ක familiar වෙන්න. හැමෝටම ගොඩාක් Thanks! ගොඩාක් අය මට සුබ පැතුවා, එ අයටත් Thanks! මේ මගේ පළමු සිංහල බ්ලොග් පෝස්ට් එකයි.:)

ස්තූතියි!

No comments: