Showing posts with label malcom cardinal. Show all posts
Showing posts with label malcom cardinal. Show all posts

Thursday, January 13, 2011

The Hymn Composed to Honour His Eminence Rev. Dr. Malcom Cardinal Ranjith

කුල වදින රතු කුමරුනේ - නිදුක් සුවයෙන් යෙහෙන් වැජඹේවා
ලොවම දිනනා හිමියනේ - සත් වරම් දෙව් බෙලෙන් නැහැවේවා
කිතු හිමිගෙ රතු පුතනුවේ - ආයුබෝවේවා //

ලක එකලු කල දහම් පහනයි
මේ බිමේ මිණි කිරුල ඔබමයි
සමිදු ආ' සිරි 'ලකට ගෙන දෙන
ලක් මවගෙ පෙම්බර පුතාමයි

දරු කැලගෙ දුක් නිවන සිසිලයි
සෙත් සරණ දුන් ගිනි නිවාලයි
දම් දහර අම දහර විලසින්
දෙව් දනට නිති දෙන්නෙ ඔබමයි

දෙව් වදන පණ නලට මුසුමයි
සුදු සභය ගිරි මුදුනෙ හිරවේයි
බැටළු කැල නිසි මග රැගෙන යන
ලක් සසුනෙ නායක එඩේරයි

-Author unknown (let me know if you know)